ත්‍රිකුණාමලය බන්‍ධනාගාරයේ සිරකරුවෙකු ගෙල වැල ලාගෙන මිය යයි …

ත්‍රිකුණාමලය බන්‍ධනාගාරයේ පසුගිය 12 වනදා රාත්‍රී සිරකරුවෙකු ගෙල වැලලාගෙන මිය ගොස් ඇති බව වාර්තාවේ. ත්‍රිකුණාමලය තම්බලගාමම් ප්‍රදේශයේ පදිංචි කේ. පරමේස්වරන් (වයස 30) නැමැති පුද්ගලයා මෙලෙස මිය ගොස් තිබේ.

අදාළ පුද්ගලයා මංකොල්ල සිද්ධියක් සම්බන්‍ධයෙන් අත්අඩංගුවට ගෙන බන්‍ධනාගාර ගතකර සිටි බවත්, ඔහු මානසික රෝගියකු බව ද පොලීසිය සඳහන් කර තිබේ.

කෙසේ නමුත් බන්‍ධනාගාරයේ රඳවා තබා සිටි තම සැමියා සිය දිවි හානිකරගත් බවට පොලීසියේ ප්‍රකාශය පිළිගත නොහැකි බව මිය ගිය පුද්ගලයාගේ බිරිඳ පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top