අනුර සේනානායකත් යළි රිමාන්ඩ්

හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික දෙසැම්බර් 26 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රසික මල්ලවාරච්චි මහතා අද (14) නියෝග කර තිබේ.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට සම්බන්ධ යැයි සැකපිට අනුර සේනානායක අත්අඩංගුවට ගෙන බන්‍ධනාගාර ගත කර තිබුණි. අදාළ සිද්ධිය සම්බන්‍ධ නඩුව අද කැඳවූ අවස්ථාවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඔහුව යළි රිමාන්ඩ් කිරීමට නියෝග කළේය.

මේ අතර, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා නිතිපති වෙනුවෙන් පෙනී සිටිමින් තාජුඩීන්ගේ ඝාතනය සිදු වු අවස්ථාවේ දී පිටුපසින් පැමිණී වාහනය පිළිබඳ පරික්ෂා කරන බව අධිකරණයට දැනුම් දුන්නේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top