අම්පිටියේ සුමනරතන හිමිට ඇප

මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් ඇප මත නිදහස් කර තිබේ. අධිකරණ නියෝග නොතකමින් සාමය කඩවන අයුරින් කටයුතු කළැයි මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන්ට එරෙහිව චෝදනා එල්ලවී තිබුණි.

අම්පිටියේ සුමනරතන හිමියන් රුපියල් පනස් දහසක මුදල් හා රුපියල් පන් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය අද (14) නියෝග කළ අතර, ජනවාරි 25 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස ද නියෝග කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top