SRILANKAN NEWS

හම්බන්තොට විරෝධතාවයකින් ගමනාගමනයට බාධා..

තම ඉඩම් චීන ආයෝජන සඳහා ලබා නොදෙන්නැයි බල කරමින් හම්බන්තොට ප්‍රදේශයේ පුද්ගලයින් පිරිසක් විසින් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. මෙම විරෝධතාවය නිසා තිස්ස-මාතර මාර්ගය මිරිජ්ජවිල අලුත්පාර හන්දියෙන් අවහිර වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි.