ශ්‍රීපාද රක්ෂිතයේ අතුරුදන්වූවන් සොයා ගැනේ

හැමිල්ටන් වතුයායෙන් ශ්‍රීපාද රක්ෂිතයට ඇතුළු වී අතුරුදන් වූ පුද්ගලයින් පස් දෙනා සොයාගෙන තිබේ.

අතුරුදන් වූ පුද්ගලයින් සෙවීමේ සෝදිසි මෙහෙයුම්වල නිරත වූ නල්ලතන්නිය පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායම විසින් ඔවුන් අරක්ෂිතව මුදාගැනීමට සමත්ව තිබේ.

කුරුඅලි නැරඹීම සඳහා මෙම පිරිස පසුගිය 12 වනදා  ශ්‍රී පාද රක්ෂිතයට ඇතුළු වී තිබුණි. එහිදී තමන් අතරමං වී ඇති බවට ඔවුන් විසින් 119 පොලිස් හදීසි ඇමතුම් අංකයට ලබාදුන් දුරකථන ඇමතුමක් මත  පොලීසිය විසින් මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කරනු ලැබීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top