SRILANKAN NEWS

නාවික හමුදාපතිට විරෝධය පා මාධ්‍යවේදීහු කොළඹට

හම්බන්තොට වරායේ සේවකයින් හා නාවික හමුදාව අතර ඇතිවූ උණුසුම්කාරී වාතාවරණය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියකුට නාවික හමුදාපති පහරදීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් දිවයින පුරා සිටින ප්‍රාදේශීය මාධ්‍යවේදීහු අද (15) කොළඹ කොටුව ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කර තිබේ.

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා ජනමාධ්‍ය ඡායාරූප ශිල්පීන්ගේ සංගමය ඇතුළු මාධ්‍ය සංවිධාන ගණනාවක සාමාජිකයෝ ඊට එක්වීමට නියමිතය.

අද පෙරවරු 11ට උද්ඝෝෂණය ආරම්භ කිරීමට නියමිත බව මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ සංවිධායක කාංචන කුමාර ආරියදාස මහතා පැවසීය.