ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට මේජර් ජෙනරාල් චන්න ගුණතිලක පත්කරයි..

යුද හමුදාවේ නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස මේජර් ජෙනරාල් චන්න ගුණතිලක මහතා පත්කර තිබේ.

මීට පෙර මාණ්ඩලික ප්‍රධානී ධූරයේ කටයුතු කළ මේජර් ජෙනරාල් උභය මැදවල ඉකුත් දෙසැම්බර් මස 03 වැනිදා සිය ධූරයෙන් විශ්‍රාම ගත් අතර, එම ධූරයට මේජර් ජෙනරාල් චන්න ගුණතිලක මහතා පත් කර ඇත.

1981 වසරේ අගෝස්තු මස 31 වන දින යුධ හමුදාවට එක්වූ චන්න ගුණතිලක මහතා මීට පෙර ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ලෙස ද, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කර තිබේ.

මේ අතර යුධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී තනතුර සඳහා මේජර් ජනරාල් රේණක උඩවත්ත මහතා පත් කර ඇති බව යුධ හමුදා මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

චන්න යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරයට

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top