විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කළ හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් නැගෙනහිර එල්ටීටීඊ නායක කරුණා අම්මාන්ගේ පරිහරණය සඳහා ලබා දී තිබූ රුපියල් කෝටි 08ක් පමණ වටිනා වෙඩිනොවදින ජීප් රථය නැවත ජනාධිපති ලේකම් කාර්යාලය වෙත බාර දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (16) නියෝග කර තිබේ.
ඒ අනුව එම ජීප් රථය ලබන සඳුදා (19) දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රවාහන අධ්යක්ෂ විසින් එය භාර ගැනීමට නියමිතය.
මෙම රථයේ වටිනාකම රුපියල් හත්කෝටි අසූහය ලක්ෂ තිස්තුන්දහස් ත්න්සිය අසූ පහක් (රු. 78,633,385) පමණ වන බව පසුගියදා අධිකරණයේදී කියැවුණු අතර එම රථය 2010 ජනවාරි 20 වන දින හොංකොං සිට ජනාධිපතිකාර්යාලය යටතේ ගෙන්වා තිබී ඇති අතර එය හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා විසින් වාරායෙන් නිදහස් කරගෙන ඇත.
පසුගිය මහ මැතිවරණයෙන් පසු විනයාගමූර්ති මුරලිදරන් හෙවත් නැගෙනහිර එල්ටීටීඊ නායක කරුණා අම්මාන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් හිමි නොවූ අතර ඔහු මෙම වාහනය නැවත ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාරදීමටද කටයුතු කර නොතිබුණි.
කෙසේ නමුත් එම ජීප් රථය ගරාජයක් තුළ ගාල් කර තිබියදී පසු ඔක්තොම්බර් 28වනදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සොයා ගනු ලැබීය.
Add Comment