කොට්ඨාස සීමානීර්ණය පිළිබඳ අභියාචනා විමර්ශන වාර්තාව කඩිනමින් ලබාදීමට කටයුතු කරන ලෙස, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා, කොට්ඨාස සීමානීර්ණය පිළිබඳ අභියාචනා විමර්ශන කමිටුවේ සභාපති අශෝක පිරීස් මහතාගෙන් ඉල්ලා ඇතැයි පළාත් සභා සහ පළාත පාලන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
අශෝක පීරිස් මහතා වෙත ලිපියක් යොමුකරමින් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයා මෙම ඉල්ලීම කර තිබේ.
කොට්ඨාස සීමා නීර්ණය පිළිබඳ අභියාචනා විමර්ශනය, 2016 නොවැම්බර් මස 30න් අවසන් කර, එම වාර්තාව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාට බාරදීමට නියමිතව තිබුණි.
එහෙත්, සිතියම් ඇඳීම සහ වාර්තාව දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලට පරිවර්තනය කිරීමට තවත් සති දෙකක කාලයක් අවශ්‍ය බව, 2016 දෙසැම්බර් මස 01දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අශෝක පිරීස් මහතා ප්‍රකාශ කොට ඇත. එම සති දෙක මේ වන විට අවසන් වී තිබේ. කෙසේ වෙතත්, මේ වනතෙක් කොට්ඨාස සීමානීර්ණය පිළිබඳ අභියාචන විමර්ශන වාර්තාව, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතාට බාර දී නොමැත.