හිරුණිකාට එරෙහිව නඩු

Hirunika 02කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට හා ඇගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් 8 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා 29 යටතේ ගොනුකොට නඩු පවරා තිබේ.

පසුගිය වසරේ දෙසැම්බර් 21දා දෙමටගොඩ වෙළෙඳසලක සේවය කරමින් සිටියදී අමිල ප්‍රියංග අමරසිංහ නමැති තරුණයා බලහත්කාරයෙන් පැහැරගෙන යාම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම, පැහැරගෙන ගොස් රඳවා තබාගැනීම, ඒ සඳහා අධාර අනුබල දීම, සාපරාධී බියගැන්වීම ඇතුළු අධි චෝදනා 29ක් යටතේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, කැළුම් නෙරන්ජන්, මලින්ද ජයතිලක, කසුන් සම්පත්, ඉන්දික රුවන් පුෂ්පකුමාර සොයිසා, මයිකල් ඇන්තනී, සංජීව අබේසිරිවර්ධන, නියාස් මොහොමඩ් රිප්වාන් හා ජෙගනාදන් ඇන්තනී යන විත්තිකරුවනට එරෙහිව මෙසේ නඩු පවරා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top