මෝදි සහ රාහුල් ගාන්ධි අතර හමුවක්

ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සහ ඉන්දිය කොංග්‍රස් පක්‍ෂයේ නියෝජ්‍ය නායක රාහුල් ගාන්ධි මහතා අතර ඊයේ (16) දින සාකච්ඡා හමුවක් පවත්වා තිබේ.

එහිදී ඉන්දියාවේ රුපියල් 500 සහ 1000 නෝට්ටු අවලංගු කිරීමෙන් ජනතාව මුහුණ දෙමින් සිටින ගැටළු සහ ගොවීන් මුහුණ දෙන ගැටළුවලට විසඳුමක් ලබා දෙන්නැයි රාහුල් ගාන්ධි විසින් අගමැතිවරයා වෙත සන්දේශයක් ද භාරදී තිබේ.

නරේන්ද්‍ර මෝදිගේ වංචා දූෂණ සම්බන්‍ධ සාක්‍ෂි තමන් සතුව තිබෙන බවට මෑතකදී රාහුල් ගාන්ධි පවසා තිබූ අවස්ථාවක, මෙලෙස දෙදෙනා හමුවී සාකච්ඡා කර තිබීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top