මෙම වසරේ මුල් මාස 9 තුළ රාජ්‍ය ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට 23කින් ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
පසුගිය වසරේ මුල් මාස නවය තුළ රාජ්‍ය ආදායම වුයේ රු.බිලියන 959 ක් බවත් එය මෙම වසරේ රු.බිලියන 1180 දක්වා වැඩි වී ඇති බව පෙන්වාදී තිබේ. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හා සුරාබදු දෙපාර්තමේන්තුවල කාර්යක්ෂමතාවය වැඩි කිරීම හේතුවෙන් මෙම ආදායම් වැඩි කර ගැනීමට අවස්ථාව ලැබී ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
රාජ්‍ය ආදායමේ වැඩි ප්‍රතිශතයක් බදු ආදායම් ලෙස ලැබී ඇති අතර මේ වසරේ මුල් මාස 9 තුළ බදු ආදායම රුපියල් බිලියන 1067ක් වන බවයි අමාත්‍යවරයා පෙන්වා දී ඇත.
එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 22ක වැඩිවීමක් බව සඳහන්ය.
රාජ්‍ය ආදායම වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස අයවැය හිඟයද අඩු වී තිබේ.
මේ අතර 2017 අයවැය මගින් සියලු රේඛීය අමාත්‍යාංශ සහ පළාත් සභාවලට මුදල් වෙන්කර ඇත්තේ ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද ක්‍රියාකාරී සැලැස්ම අනුව බව රවී කරුණානායක අමාත්‍යවරයා පවසයි.
ඒ අනුව 2020 වසර වන විට කාර්යය සාධනය පදනම් කරගත් අයවැයක් යටතේ මුදල් වෙන් කිරීම සඳහා වන ප්‍රායෝගික වැඩපිළිවෙළක් මෙවර ඉදිරිපත් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.
Add Comment