2001 වර්ෂයේ මීගමුවේ පැවති එක්සත් ජාතික පක්ෂ පෙළපාලියකින් රැස්වීමකට සහභාගිවෙමින් සිටි පාක්ෂිකයින් දෙදෙනෙකු අනතුරකට ලක් කිරීමේ සිදුවීමකට අදාළව හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතාට සහ ඔහුගේ රියදුරු ඩී. සමන් ලසන්ත කුමාර්ට එරෙහිව චෝදනා එල්ල වී ඇති නඩුවේ විභාගය මේ වනවිට අවසන් කර ඇති අතර එහි තීන්දුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ලබන මස 10වනදා ලබා දීමට නියමිතය.
විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ නියෝජ්‍ය ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සරත් කුමාර ගුණරත්න මහතා මෙම චෝදනාවට අදාළව පැවති නඩු විභාග මගහැරීමේ චෝදනා මත වරෙන්තු කරුවෙකුව සිට අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධාගාරගතවද කලක් සිටියේය.
ඔහුගේ විදසේ ගමන්ද තහනම් කර ඇති මහේස්ත්‍රාත් අධිකරණය ඔහුට සෑම මසකම 3 වන ඉරිදා දින මීගමුව පොලීසිය ඉදිරියේ පෙනී සිටින ලෙසද දන්වා තිබේ.
Add Comment