තුර්කියේ රුසියානු තානාපතිවරයා වෙඩි ප්‍රහාරයකින් මරුට

තුර්කියේදී රුසියානු තානාදිපති අන්ද්රේයි කාලොෆ් වෙඩි ප්‍රහාරයකට ලක්වී මිය ගොස් ඇති බව වාර්තාවේ

තානාපතිවරයා වෙඩි ප්‍රහාරයට ලක්වූයේ තුර්කියේ අන්කාරා නුවර කලාගාරයක රැස්වීමක් අමතමින් සිටියදීය, සභාවේ සිටි පුද්ගලයෙකු විසින් වෙඩි තබා ඇති අතර, සිරියාවේ අලෙපෝ නගරයේ රුසියානු සහාය මත සිඳුකරන ජන සංහාරය හෙළාදැක මෙලෙස වෙඩි තැබූ බව පැවැසේ.

සිරියානු රජයට රුසියාව දක්වන සහාය හෙළා දකිමින් පසුගියදා තුර්කියේ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්ද දියත් විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top