යාපනය සංගානයි ප්‍රදේශයේ රිය අනතුරින් මිය ගිය පුද්ගලයන්ට ප්‍රදේශවාසීන් ශෝකය පළ කරයි..

සාවකච්චේරිය සංගානයි ප්‍රදේශයේ සිඳුවූ රිය අනතුරින් මිය ගිය පුද්ගලයන් වෙනුවෙන් ප්‍රදේශවාසීන් විසින් ඊයේ සඳුදා දින සවස පහන් දල්වා ශෝකය ප්‍රකාශ කළෝය.

පසුගිය සෙනසුරාදා දින දකුණේ සිට යාපනයට පැමිණි එකම පවුලේ 11 දෙනෙකු සාවකච්චේරිය සංගානයි ප්‍රදේශයේ සිඳුවූ රිය අනතුරකින් ජීවිතක්‍ෂයට පත්වුණි. මිය ගිය අය වෙනුවෙන් සංගානයි ප්‍රදේශවාසීන් පහන් දල්වා සිය ශෝකය පළ කළෝය.

මේ අතර, සඳුදා දින පෙරවරුවේ යාපනය කාන්ගසන්තුරයි (769) බස් මාර්ගයේ මගීන්, පුද්ගලික බස් රථ සේවකයන් එක්ව මියගිය පුද්ගලයන් වෙනුවෙන් ශෝක ප්‍රකාශ පත්‍රිකා බෙදා හැර තිබුණි.

තවද, එදින අනතුරින් මිය ගිය පුද්ගලයන්ගේ මළ සිරුරු භාර ගැනීම සඳහා දකුණේ සිට යාපනයට පැමිණි මියගිය අයගේ ඥාතීන්ට ආහාර, නවාතැන් පහසුකම් සියල්ල යාපනය රෝහල් පරිපාලනය විසින් ලබාදුන්හ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top