වවුනියාවේ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු වව්නියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කිසිඳු බලපත්‍රයකින් තොරව පුපුරණ ද්‍රව්‍ය තොගයක් මැදවච්චියේ සිට වවුනියාවට රැගෙනවිත් විකිණීමට සූදානම් වූ තිදෙනෙකුව මෙලෙස අද දින අත්අඩංගුවට ගෙන තිබේ.

ජෙලග්නයිට් කුරු 200ක්, කැප් රෝල් 200 ක් හා සේවා නූල් තොගයක් අඩංගු එම පුපුරණ ද්‍රව්‍ය තොගය ත්‍රී රෝද රථයකින් ගෙනවිත් ඇති බවත්, එය නීති විරෝධී ලෙස ඩයිනමයිට් යොදා මසුන් මරන්නන් පිරිසකට අලෙවි කිරම සඳහා රැගෙනවිත් තිබෙන බව මූලික පොලිස් විමර්ශණවලින් අනාවරණයවී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top