මෙරට විදුලි ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 115ක්

මෙරට විදුලි අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 115ක ණය ආධාර ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර තිබේ. ඒ සඳහා වූ ගිවිසුමට ඊයේ (20) දින මුදල් අමාත්‍යංශයේදී අත්සන් තබා තිබේ.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා ද, ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි මෙරට නේවාසික අධ්‍යක්ෂිකා ශ්‍රී විදෝවතී මහත්මිය ද ඊට අත්සන් තබා ඇත.

ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 164ක මුදලක් වැය වන අතර, ඉතිරි මුදල දේශීය වශයෙන් ලබා ගැනීමට නියමිත බව වාර්තාවේ. අදාළ ව්‍යාපෘතිය අංශ 4කින් සමන්විත වන අතර, ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමත් සමග ශ්‍රී ලංකාවේ විදුලිය අවශ්‍යතාව 100%ක් ම සම්පූර්ණ වනු ඇති බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top