SRILANKAN NEWS

රජයේ ඉඩම් විශාල ප්‍රමාණයක් අයුතු ලෙස අත්පත් කර ගනී – විග්නේෂ්වරන්

දේශපාලන මැදිහත්වීම් හරහා උතුරු පළාත් සභාවට නොදන්වා රජයේ ඉඩම් විශාල ප්‍රමාණයක් අයුතු ලෙස අත්පත් කරමින් සිටින බව උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා චෝදනා කර තිබේ.

උතුරු පළාත් සභාවේ ලබන වසර සඳහා වූ අයවැය කෙටුම්පතයෙහි මහ ඇමැතිවරයාගේ අමාත්‍යංශ වෙනුවෙන් මුදල් වෙන් කිරීමට පිළිබඳ විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව පවසා තිබේ.

තවද උතුරේ විශාල ඉඩම් ප්‍රමාණයක් හමුදාව තම යටතේ තබාගෙන සිටින අතරතුර, දැන් රජයේ ඉඩම් ද නීතිමය අයුරින් තම යටතේ තබා ගැනීම සඳහා වූ උත්සහයක නිරතව සිටියි.

රජයේ ඉඩම් පමණක් නොව, පුද්ගලික ඉඩම් ද විශාල ප්‍රමාණයක් හමුදාව අත්පත් කරගෙන සිටින අතර, එය නිදහස් කර ගැනීමට නොහැකි තත්වයක් පවතියි. එමෙන් මේ සම්බන්‍ධයෙන් මධ්‍යම රජයට විටින් විට බලපෑම් කිරීමට සිඳුව ඇති බව මහ ඇමැතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.