ගලේවල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයකු මරුට

ගලේවල, දඩුබැඳිරුප්ප ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

අද උදෑසන ඔහු තම නිවස ආසන්නයේ පිහිටි ගොවිපළට යමින් සිටියදී ඔහුට වෙඩි තබා ඇති බව වාර්තාවේ.

ගලේවෙල, දඩුබැඳිරුප්ප ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි ව්‍යාපාරිකයෙකු මෙලෙස මිය ගොස් තිබේ. වෙඩිතැබීම සිදුකළේ කවුරුන්ද යන්න පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර ගලේවෙල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top