SRILANKAN NEWS

දූෂණ, වංචා, නිසා රජයට හා දේශාපලන නායකයන්ට අපකීර්තියක් ඇති වෙනවා – ජනපති

දූෂණ, වංචා, අක‍්‍රමිකතා සිදු කරමින් බලය අයුතු ලෙස භාවිතා කිරීම හේතුවෙන් රජයට හා දේශපාලන නායකයන්ට අපකීරියක් ඇති වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ.

ඊයේ (20) පස්වරුවේ නෙළුම් පොකුණ රඟහලේ පැවති “ස්වර්ණ පුරවර” සම්මාන උළෙල අමතමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

විධායක ජනාධිපති ධුරය හැරණු කොට වැඩි විධායක බලයක් හිමිවන පළාත් පාලන ආයතන ප‍්‍රධානීන් සෑම විටම සිය බලය ජනතා යහපත වෙනුවෙන්ම යෙදවිය යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

සියලු පළාත් පාලන ආයතන යහපාලනයේ කේන්ද්‍රස්ථාන බවට පත්විය යුතු බවත්, සිය බලය ජනතාවාදී ලෙස යොදවන සෑම දේශපාලනඥයෙක් ම ජනතාවගේ ප‍්‍රසාදයට පත්වන බවද ජනාධිපතිවරයා පවසා තිබේ.

සංවර්ධනයේ, පරිපාලනයේ, මූල්‍ය කළමනාකරණයේ සහ සමාජ සුබසාධනයේදී පළාත් පාලන ආයතන සතුව පවතින අසීමිත බලතල තුළ සිය සේවා විශිෂ්ටත්වය පෙන්නුම් කිරීමට සියලු පළාත් පාලන ආයතනවල දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරිනුත් කැපවිය යුතු බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.