කිලිනොච්චියේ සිසුවියක් ගිනි තබාගෙන සිය දිවි හානි කර ගනී …

කිලිනොච්චිය කනකාම්බිකයිකුලම් ප්‍රදේශයේ 17 හැවිරිදි සිසුවියක් අද අළුයම ගිනි තබාගෙන සිය දිවි හානිකරගෙන තිබේ. මෙම සිද්ධිය අද අළුයම 3ට පමණ සිඳුව ඇති බවට ඥාතීන් පවසති. සිද්ධිය ස්ථානයේදීම සිසුවිය මියගොස් තිබේ.

කනකාම්බිකයි ප්‍රදේශයේ පදිංචි ක්‍රිෂ්ණකුමාර් වර්නුජා නැමැති සිසුවිය මෙලෙස මිය ගොස් තිබේ. සිසුවියගේ පියා අවසන් යුද්දය පැවැති සමයේ මිය ගොස් ඇති අතර, මව ඇයව උසස් පෙළ අධ්‍යාපනය සඳහා යාපනයට යවා තිබේ. කිලිනොච්චිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශණ කටයුතු ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top