SRILANKAN NEWS

අගමැති රනිල් තිරුපදිවලට

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තිරුපති කෝවිලේ ආගමික වතාවත් සඳහා ඊයේ(21) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

අද (22) දිනයේ ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ පිහිටි තිරුමලේ කෝවිලේ පැවැත්වෙන පූජාවකට සහභාගී වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර මෙම අවස්ථාවට අගැමැතිවරයා අමතරව මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද එක්ව ඇති බව වාර්තා වේ.

පසුගිය ඔක්තෝම්බර් මාසයේ අගමැතිවරයා කේරලා ගුරුවායර් කෝවිලට ද ගොස් පූජා කටයුතුවල සහභාගිවූහ.