SRILANKAN NEWS

සීනි ආනයන බද්ද රුපියල් 06කින් ඉහළට

සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 6කින් ඉහළ දමා තිබේ. ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 06කින් ඉහළ නැංවීමට රජය කටයුතු කර තිබේ.

ඒ අනුව සීනි කිලෝවකට පනවා ඇති විශේෂ වෙළඳ බද්ද රුපියල් 07 සිට රුපියල් 13 දක්වා වැඩිවෙනු ඇත.

ලෝක වෙළෙඳපොළේ සුදු සීනි මිල ගණන් පහළ යාම සැලකිල්ලට ගෙන මෙලෙස බද්ද ඉහළ දැමූ බවත්, ආනයනකරුවන් මෙම බද්ද දරාගත යුතු අතර, වෙළෙඳපොළේ සුදු සීනි මිල ගණන්වල වෙනසක් සිදු නොවන බව ද මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.