සමාජ වෙබ් අඩවි කෙරෙහි රජයේ බලපෑමක් – ඒකාබද්ධ විපක්‍ෂය

ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි තහනම් කිරීමට ආණ්ඩුවේ සූදානමක් ඇතැයි ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම අද (21) පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළා.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ “මේ ආණ්ඩුවේ තිඹිරිගෙය වුනේ සමාජ වෙබ් අඩවි ජාලා. පසුගිය ජනාධිපතිවරණයේදී ඔවුන් බොරු, අවලාද, ප්‍රබන්ද, චරිත ඝාතන සියල්ල ප්‍රචාරය කලේ මේ හරහායි. මැතිවරණයෙන් පස්සේ ඒ රාජ්‍යයේ ප්‍රධානීන් කිව්වේ.. මේ සමාජ වෙබ් අඩවි හරහා එළියට ආපු දූලා පුතාලා මේ රටේ අලුත් පාලන ක්‍රමයකට අත්තිවාරම දැම්මා කියලා. අද වෙන කොට මේ තත්ත්වය වෙනස් වෙලා. අපිට තියෙන තොරතුරු හැටියට මොවුන් ෆේස්බුක් ඇතුළු මෙම සමාජ වෙබ් අඩවි තහනම් කිරීමට වැඩපිළිවෙලක් දියත් කරගෙන යනවා.” යනුවෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top