SRILANKAN NEWS

උ. පළාත සභාව මුස්ලිම් ජනතාව නොසලකා හරිනවා යන චෝදනාව මහ ඇමැතිවරයා ප්‍රතික්‍ෂේප කරයි..

උතුරු පළාත් සභාව මුස්ලිම් ජනතාව නොසලකා හරින බවට එල්ලවන චෝදනාව පිළිගත නොහැකි බව උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.

මහ ඇමැතිවරයාගේ අමාත්‍යංශය යටතේ මුස්ලිම් ජනතාව නැවැත පදිංචි කිරීම සඳහා කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත්, මුස්ලිම් ජනතාවට අයත් ඉඩම් ද උතුරු පළාත් සභාව ලබාදී නැති බවට උතුරු පළාත් සභා මන්ත්‍රී අස්මින් පසුගියදා පැවැති උතුරු පළාත් සභා සැසිවාරයේදී චෝදනා කර තිබුණි.

එයට ඊයේ (21) දින පැවැති සැසිවාරයේදී මහ ඇමැතිවරයා පිළිතුරු දෙමින් මේ බව පවසා සිටියේය.

උතුරු පළාත් සභාව පිහිටවූ 2013 වසරේ සිට මේ දක්වා තුන් දහසකට ආසන්න මුස්ලිම් ජනතාවට උතුරු පළාත් සභාව විසින් ඉඩම් ඔප්පු ලබාදී ඇති බවන්, මෙතරම් විශාල ප්‍රමාණයක් දෙමළ හෝ සිංහල ජනතාවට ද වැඩි වශයෙන් ලබාදී නැති බව පවසා සිටි මහ ඇමැතිවරයා මෙවැනි තත්වයකදී උතුරු පළාත් සභාව මුස්ලිම් ජනතාව නොසලකා හරින බවට එල්ලකරන චෝදනාව පිළිගත නොහැකි බව පවසා සිටියේය.