SRILANKAN NEWS

රවිරාජ් ඝාතන තීන්දුවට එරෙහිව අභියාචනයක්

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් නිකුත් වු නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා මේ බව පවසා තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගය විශේෂ ජූරි සභාවක් ඉදිරියේ සිදුකෙරුණු අතර සාක්ෂි විභාගය අවසානයේ අදාළ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සැකකරුවන් පස්දෙනා නිදොස් කොට නිදහස් කිරීමට ජූරි සභාව ඒකමතිකව තීරණය කළ අතර, අදාළ නඩු විභාගයේ තීන්දුව සිකුරාදා මධ්‍යම රාත්‍රීයේ කොළඹ මහාධිකරණය විසින් ප්‍රකාශයට පත්කළේය.

කෙසේවෙතත් නඩු තීන්දුව සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන බැවින් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව පැවැසූ සුමන්දිරන් මහතා, ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි බව අදාළ නඩු තීන්දුව තුළින් තහවුරුවන බවද පෙන්වාදී තිබේ.