චීන අධාර යටතේ කාර්මික විද්‍යාල තුනක්

ශී‍්‍ර ලංකාවේ ස්ථාන තුනක සියළු පහසුකම්වලින් සමන්විත කාර්මික විද්‍යාල තුනක් පිහිටුවීමට චීන රජය එකගතාව පල කර ඇති බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍යාංශය පැවසීය.

එක් මධස්ථානයක සිසුන් 2000 ට එකවර අධ්‍යාපනය ලැබිය හැකි පරිදි සියළු පහසුකම්වලින් සමන්විතව මෙම කාර්මික විද්‍යාල ඉදිකිරීම දෙරටේ එකගතාව මත සිදුවන බවත්

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා පසුගියදා සිදු කළ චීන සංචාරයේ ප‍්‍රතිඵලයක් ලෙස මෙම අවස්ථාව ශී‍්‍ර ලංකාවට හිමි කර ගැනීමට හැකි වු බවත් අමාත්‍යාංශය නිවේදනය කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top