SRILANKAN NEWS

පළාත් සභාවන් සඳහා බලතල වැඩි කළ යුතුයි – ඩග්ලස් දේවානන්දා

සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්බන්‍ධයෙන් විවිද අදහස් පළවී තිබේ. එයට ඇතැම් පළාත් සභාවන් විරෝධය පළ කර තිබෙන අතර, තවත් පළාත් සභාවන් කිහිපයක් ඉදිරියේ මේ සම්බන්‍ධයෙන් තීරණයක් ගන්නා බව පවසා තිබේ.

අප ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් ප්‍රශ්ණය පිළිබඳව අපි ආරම්භයේ සිටම පවසා සිටින්නේ, 13වන සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමෙන් ආරම්භ කර ක්‍රමක් ක්‍රමයෙන් බලය බෙදාදීම කර යන ක්‍රමවේදයක් යටතේ පළාත් සභාවලට වැඩි බලතල ඉල්ලා සිටින්නෙමු.

එමෙන් දැනට පළාත් සභාවලට තිබෙන බලතල කිසිසේත්ම අඩුවෙන්නේ නැහැ, තවඳුරටත් බලය බෙදාදිය යුතුයි යන්න සිය ස්ථාවරය බව ඊ.පී.ඩි.පී. පක්‍ෂයේ මහ ලේකම් ඩග්ලස් දේවානන්දා මහතා පවසා තිබේ.

පළාත් සභාවල බලය අඩු කිරීම හෝ අහෝසි කිරීම අනුමත කළ නොහැකි බවත්, අපගේ ජනතාවට බාධාවක් නොවන අයුරින් මෙම නව පනත තිබෙන්නේ නම් එයට පූර්ණ සහාය ලබා දෙන බවද ඩග්ලස් දේවානන්දා මහතා වැඩිදුරටත් පවසා තිබේ.