බෝම්බ බියක් නිසා බදුල්ල දුම්රිය පැය දෙකක් ප්‍රමාදයි

බෝම්බ බියක් නිසා කොළඹ කොටුව සිට බදුල්ල බලා ඊයේ (26) රාත්‍රි 8ට ධාවනය වීමට නියමිතව තිබූ තැපැල් දුම්රිය පැය දෙකකකට අධික කාලයක් ප‍්‍රමාද විය.

පොලීසියට ලද තොරතුරකට අනුව මෙම පරීක්ෂාව සිදුකර තිබේ. දුම්රිය මගීන් දහසකට ආසන්න පිරිසක් එම අවස්ථාවේ දුම්රියේ සිට ඇති අතර ඔවුන් දුම්රියෙන් ඉවත් කර මෙම පරික්ෂාව සිදුකළ බව පාලක මැදිරිය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය එක්ව මෙම සෝදිසි මෙහෙයුම සිදු කරන ලද අතර බෝම්බයක් සහිත පාර්සලයක් හමු වී නොමැති අතර පසුව දුම්රිය බදුල්ල බලා ගමන් ආරම්භ කර අැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top