යහපාලන රජය පිහිටුවා වසර දෙකක් සපිරීමේ උත්සවයට සහභාගි වන ලෙස ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රාන්ත මහ ඇමැති චන්ද්‍රබාබු නායුඩු මහතාට ඇරයුම් කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම ඇරයුම ඉදිරිපත් කර තිබේ.
මේ සම්බන්‍ධයෙන් ජනාධිපති ලේකම් විසින් ආන්ද්‍රා මහ ඇමැති වෙත ලිපියක් යවා තිබේ. යහපාලන රජයේ වසරක් සපිරීමේ උත්සවයට බටහිර බංලා මහ ඇමැති ගෝපාලක්‍රිෂ්ණ ගාන්ධි මහතා සහභාගිවීම විශේෂත්වයකි.