හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා අභාවප්‍රාප්ත වෙයි

හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ. හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ (26) කොළඹ පිහිටි පුද්ගලික රෝහලකට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී අද (27) දින ඒ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

හිටපු අග්‍රාමාත්‍යවරයෙකු මෙන්ම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන රත්නසිරි වික්‍රමනායක මහතා මියයන විට වයස අවුරුදු 83කි.

1933 මැයි 5 වැනිදා උපත ලැබූ වික්‍රමනායක මහතා හොරණ ආසනයෙන් පාර්ලිමේන්තුවට පිවිස ජනප්‍රිය නායකයකු ද විය. 2000 සහ 2001 වසරවල චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය සමයේ පළමු වරට අගමැති පදවිය ලද ඒ මහතා 2005 මහින්ද රාජපක්ෂ රජයේ ද අගමැතිවරයා විය.

රත්නසිරි වික්‍රමනායක මහතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ අනුශාසකවරයකු මෙන්ම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු වශයෙන්ද කටයුතු කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top