රත්නසිරි වික්‍රමනායකගේ දේහය හෙට පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායකගේ මෘත දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා හෙට 27 පෙරවරුවේ දේහය පාර්ලිමේන්තුව වෙත රැගෙන ඒමට නියමිත බව කථානායක මාධ්‍ය අංශය සඳහන් කරයි.

හිටපු අග්‍රාමාත්‍යවරයෙකු මෙන්ම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන රත්නසිරි වික්‍රමනායක මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ (26) කොළඹ පිහිටි පුද්ගලික රෝහලකට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී අද (27) දින ඒ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

1933 වසරේ මැයි මස 5 වනදා උපත ලද රත්නසිරි වික්‍රමනායක මහතා මිය යන විට 83 වන වියේ පසුවිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top