මනාප ඡන්ද ක්‍රමය වෙනුවට නව ඡන්ද ක්‍රමයක් යටතේ ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 20 වන සංශෝධනයක් එක් කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව සමාජ සවිබල ගැන්වීම් හා සුබ සාධන ඇමති එස්.බී දිසානායක මහතා පවසයි.
ඒ අනුව ආසනයකට පක්ෂයකින් එක් අපේක්ෂකයෙකු පමණක් ඉදිරිපත් කරන ආකාරයට ඡන්ද ක්‍රමය සංශෝධනය කිරීමෙන් දැනට පවතින මනාප ක්රමයේ ඇති වන ගැටලු යළි ඇති නොවන ආකාරයට මෙම සංශෝධනය ඉදිරිපත් කෙරෙන බවද සඳහන් කළේ ය.
ජනමත විචාරණයකට නොයා 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක බලතල අවම කැර ගැනීමේ කාර්යයට ජනාධිපතිවරයා එකඟ වූ නමුත් යම් යම් අයගේ අකමැත්ත නිසා 20 සංශෝධනය මෙතෙක් ගෙන ඒමට නොහැකි වූ බවද කීය. කෙසේ නමුත් ඡන්ද ක්‍රමය වෙනස් කරමින් පළාත් පාලන ඡන්ද ක්‍රමය කොට්ඨාස ක්‍රමයට මෙවර පැවැත්වෙන අතර ඒ අයුරින්ම මහ මැතිවරණයත් කොට්ඨාස ක්‍රමයට පැවැත්වීමේ නීති සම්පාදන ඇතුලත් 20 වැනි සංශෝධනයක් ගෙන ඒමට ශ්රීලනිපය තීරණය කර තිබෙන බව පෙන්වා දෙයි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන අතර ඊට ප්‍රථම 20 වන ව්‍යාවස්ථා සංශෝධනය ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවද සඳහන් කළේ ය.
Add Comment