SRILANKAN NEWS

එළඹෙන වසර ජනතාවට ඉතාමත් කනගාටුදායක වෙයි – මහින්ද රාජපක්‍ෂ

එළඹෙන 2017 වසර ජනතාවට ඉතාමත් කනගාටුදායක වසරක් වනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකගේ සුවදුක් විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

එළඹෙන 2017 වසර ජනතාවට ඉතාමත් කනගාටුදායක වසරක් වනු ඇති බවත්, වත්මන් ආණ්ඩුව රටේ සම්පත් විකිණීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවනු ඇති බව හෙතෙම පවසා තිබේ.

තවද සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සියළු පළාත් සභාවලදී පරාජය වනු ඇති බව ද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ .