SRILANKAN NEWS

කුමන බාධා ආවත් සවිකරන නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා – ස්වාමිනාදන්

කුමන බාධා ආවත් සවිකරන නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු ඇමැති ඩි.එම්. ස්වාමිනාදන් මහතා පවසයි.

අද 28 දින පැවැති පසුගිය සැප්තැම්බර් මස ගින්නෙන් විනාශයට පත්වූ කිලිනොච්චිය වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයන්ට වන්දි මුදල් ලබාදීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

තවද නිවාස ව්‍යාපෘතියකදී දැනට ප්‍රශ්ණ රැසකට මුහුණදීමට සිදුව තිබේ. අවශ්‍ය තරම් වැලි, වැඩ කිරීම සඳහා අවශ්‍ය මේසන්වරුන් නොමැතිවීම වැනි ගැටළු රැසක් පවතින හෙයින් මම අගමැතිවරයා සමඟ සාකච්ඡා කර සවිකරන ලද නිවාස කිහිපයක් ඉදිකිරීමට මම ඉදිරිපත්වුනා, ඒ අනුව ආදර්ශ නිවසක් චුන්නාගම් ප්‍රදේශයේ ඉදිකර තිබේ. එම නිවස බොහෝ දෙනෙකු නිරීක්‍ෂණය කර ද තිබේ.

නමුත් එයට විරෝධය පළ කිරීමට විශාල පිරිසක් සිටිනවා, එය ගැන මෙම අවස්ථාවේ කථා කිරීමට කැමැති නැති නමුත්, මුළුමනින්ම ජනතා යහපත උදෙසා ඉදිරිපත් කළ එම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.