SRILANKAN NEWS

කිරිපිටි මිල ඉහළ දැමීමේ ඉවතට..

කිරිපිටි මිල ගණන් ඉහල නැංවීම සදහා ආනයනික කිරිපිටි සමාගම් සිදුකළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 810 සිට රුපියල් 927ක් දක්වා රුපියල් 117 ක උපරිමයකින් හා ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 46 ක උපරිමයකින් ඉහළ දැමීමට ආනයනික කිරිපිටි සමාගම් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබේ.

කෙසේ නමුත්, රජය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා විශේෂ සහන ලබාදීමේදී කිරිපිටි සඳහා විශේෂ සහන ලබාදී තිබෙන බැවින් මිල ගණන් වැඩි කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව පාරිභෝගික කටයුතු අධිකාරිය අවධාරණය කර තිබේ.

2016/07/14 දිනැති අංක 1975/68 නියෝග අංක 38 දරන ගැසට් පත්‍රයට අනුව ආනයනික කිරිපිටි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 810කි. ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 325ක උපරිමයකට යටත්ව අලෙවි කිරීමේ තීරණය වෙනස් නොවන බව පාරිභෝගික අධිකාරිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.