වාහන පැවරීමේ සහන කාලය හෙට 30 අවසන්..

වාහන පැවරීම සදහා ලබාදී තිබූ සහන කාලය හෙට (30) දිනෙන් අවසන් වන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය පවසා සිටියි. අදාළ සහන කාලය නැවත දීර්ඝ නොකරන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

හෙට දින පස්වරු වනතෙක් වාහන පැවරීම්වලට අදාළ ලියකියවිලි භාරදීමට නොහැකි වන පිරිසට යළි සහන කාලයක් නොලැබේ. හෙට දින පැමිණෙන සෑම අයදුම්කරුවකුගේම අයදුම්පත් කෙසේ හෝ බාර ගැනීමට කටයුතු කරගෙන යන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර තිබේ.

ලබන සතියේ සිට වාහන පැවරීම කර ගැනීමට එන පුද්ගලයන් හට නියමිත කාලයක තුළ වාහන අයිතිය පවරාගෙන නොතිබුණහොත් පෙර පරිදි දිනකට රුපියල් සියයේ දඩය ගෙවීමට සිදුවෙයි.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top