SRILANKAN NEWS

යාපනය සරසවි සිසුන්ට වෙඩි තැබීමේ සිද්ධිය : පොලීසියේ පස්දෙනා යළි රිමාන්ඩ්

යාපනය විශ්ව විද්‍යාලයයේ සිසුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින යාපනය පොලීසියේ පස්දෙනා ලබන ජනවාරි 13 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස යාපනය මහේස්ත්‍රාත් එස්. සදීස්කරන් මහතා ඊයේ (30) නියෝග කර තිබේ.

සැකකරුවන්ට ඇප ලබා දෙන ලෙස කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා ඔවුන්ට ඇප ලබාදීමට තරම් සාධාරණ හේතුවක් නොමැති බවත්, මෙම සැකකරුවන්ගේ ජීවිතවලට යම් අනාරක්ෂිත බවක් ඇති බවට නීතිඥයින් විසින් දැනුම්දීම නිසා සැකකරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත්වන ලෙස ද නියෝග කර තිබේ.

පසුගිය ඔක්තෝම්බර් 21 වනදා රාත්‍රියේ යාපනය සරසවියේ කලා පීටයේ ඉගෙනුම ලැබූ 23 හැවිරිදි නඩරාජා කජන් හා 24 හැවිරිදි විජයකුමාර් සුලක්ෂන් නැමැති සිසුන් දෙදෙනා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී චුන්නාගම් කන්දරෝඩයි ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගොස් තිබුණි.