අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් විරෝධතාවක්

උතුරු නැගෙනහිර පැවැති යුද්ධයෙන් අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින් විරෝධතාවයක නිරත වී තිබේ.

ඊයේ(30) වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට මෙම විරෝධතාවය පැවැති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

යුද්ධයෙන් අතුරුදන්වූවන් සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු කරන බවට පොරොන්දු වුවත් වත්මන් රජය අතුරුදන්වූන්ගේ නාමලේඛනයක් ප්‍රකාශයට පත් කිරීමට හෝ කටයුතු කර නොමැති බව විරෝධතාකරුවන් පෙන්වා දී තිබේ.

අතුරුදන්වූවන්ගේ ඥාතීන් මෙ වනවිට දැඩි අපහසු තත්ත්වයන්ට පත්ව සිටියද කිසිඳු රජයක් ඔවුන්ට සහන සැලසීමට ඉදිරිපත් නොවූ බව ද ඔවුන් ප්‍රකාශ කර ඇත.

විරෝධතාකරුවන් පවසන්නේ ලබන වසරේ ජනවාරි 21 වන දිනට පෙර අතුරුදන්වූවන් සම්බන්ධයෙන් රජය යම් සාධාරණයක් ඉටු නොකළ හොත් තම සංවිධානය වව්නියාව නගරයේ මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බවයි.

adaderana.lk

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top