SRILANKAN NEWS

නඩු ප්‍රමාදය අවම කිරිම සඳහා කමිටු දෙකක්

wijedasa rajapakshaනඩු ප්‍රමාදය පුද්ගලයින්ට මෙන්ම එය රටේ සංවර්ධනයට ද විශාල බාධාවක් වී තිබෙන බවත් එය අවම කිරිමට අවශ්‍ය සෑම පියවරක්ම ගැනිමට  කටයුතු කරන බවත් අධිකරණ අමාත්‍ය  විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප් හා බුවනෙක අළුවිහාරේ යන මහත්වරුන්ගේ සභාපතිත්වයෙන් නඩු ප්‍රමාදය අවම කරන්න, සිවිල් නඩු විධි විධාන සංග්‍රහය හා අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරිමට දැනටමත් කමිටු දෙකක් පත් කර බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. තිබෙනවා.

ඒ මහතා ප්‍රකාශ කළේ නඩු ප්‍රමාදය ගැන මීට වසර පනහකට පෙර ද කතා කර තිබෙන බවයි.

අධිකරණ අමාත්‍යාංශය ,කොළඹ නීතිඥ සංගමය, නීති පදනම එක්ව සංවිධානය කළ තෙවන නීති ජාතික නීති සම්මන්ත්‍රණය පසුගියදා මහනුවර පැවති අතර එහිදී අමාත්‍යවනරයා මේ බව සඳහන් කළේය.

නීතිඥවරයෙක් තමන්ගේ දක්ෂතාව ඉදිරිපත් කරන්න පුළුවන් හොඳම අවස්ථාව සේවාදායකයා ඉදිරිපත් කරන නඩුව හැකි ඉක්මනින් අවසන් කිරීම බව පෙන්වා දුන් අමාත්‍යවරයා එය සේවාදායකයා අපේක්ෂා කරන ප්‍රධානම දෙයක් බවත් අමාත්‍යවරය පෙන්වා දුන්නේය.

නව නීතියක් ඉදිරිපත් කිරීමේදි එය සම්මත කර ගන්න කලින් නීතිඥවරුන්ගේ ඒ පිළිබඳව ප්‍රවිණයන්ගේ උපදෙස් අදහස් ලබා ගැනීමට කටයුතු කරන එසේ  නොවුනහොත් දැඩි ව්‍යාකූල තත්ත්වයන් ඇති වන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

– ග්ලෝබල් දෙමළ පුවත් –

Tags