මේ වසරදී දේශපාලන විසඳුමක් ලැබෙනු ඇති බව දෙ.ජා.ස. විශ්වාසය පළ කරයි..

ජාතික ප්‍රශ්ණයට මෙම වසරේදී විසඳුමක් ලැබෙනු ඇති බවට දෙමළ ජාතික සන්ධානය විශ්වාසය පළ කර තිබේ. 2017 වසර ඉතා වැදගත් බව විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා පවසයි.

ස්ථීර විසඳුමක් ඉදිරිපත් කිරීම අවශ්‍ය බව පවසා ඇති ඒ මහතා, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විසඳුමක් ඉදිරිපත් කළ හැකි බවට හෙතෙම විශ්වාසය පළ කර තිබේ. රටේ සියළු ජනතාවම බෙදී වෙන්වීම අපේක්‍ෂා නොකළ යුතු බවත්, එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සියළු පාර්ශවයම සමඟියෙන් ජීවත්වීමට හා සියළු දෙනාටම සම අයිතිවාසිකම් ලබාදීමටත් පියවර ගත යුතු යැයි පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top