රාජ්‍ය ආයතන බේරාගත යුතු බවට මේ වනවිට හඬ නගන්නේ ඉකුත් සමයේ රාජ්‍ය ආයතනවලින් ගසා කෑ පුද්ගලයින් බව අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම පවසනවා.
අමාත්‍යවරයා කියා සිටියේ ඔවුන්ට එවැනි ප‍්‍රකාශ සිදු කිරීමට කිසිදු සදාචාරාත්මක හැකියාවක් නොමැති බවයි.
මහජන මුදල් කොල්ලකෑ පුද්ගලයින්ගෙන් එලෙස කොල්ලකෑ මුදල් යළි ලබාගැනීමට හැකිවන පරිදි නව පනතක් ඉදිරියේ දී ගෙන බවයි අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ.
මෙම නව පනත අනුමැතිය සඳහා කඩිනමින් කැබිනට් මණ්ඩලයට ද ඉදිරිපත් කරන බව ද ඔහු කියා සිටියා. ගලගෙදර ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළා.
Add Comment