SRILANKAN NEWS

හාල් මිල ඉහළ යෑම පාලනය කිරීමට පියවර ගත යුතුයි – විපක්‍ෂ නායක

හාල් මිල ඉහළ යෑම පාලනය කිරීම සඳහා පියවර ගත යුතු යැයි විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා ඉල්ලා තිබේ. තම අවශ්‍යතා මත හාල් මිල ඉහළ දැමීමට ව්‍යාපාරිකයන්ට ඉඩ ලබා නොදිය යුතු බව පවසා සිටින ඒ මහතා හාල් මිල ඉහළ යෑමෙන් ජනතාව දැඩි අපහසුතාවලට මුහුණ දෙමින් සිටින බව ද පවසා තිබේ.

හාල් මිල ඉහළ යෑම ගැන රජය හේතු කාරණා ඉදිරිපත් නොකර, එය පාලනය කිරීමට කඩිනම් ක්‍රියාමාර්ගයක් ගත යුතුය. රටේ ඇතැම් ප්‍රදේශවල වී ගොවිතැන විනාශයට පත්වී ඇති බවත් ගොවි බිම් සමතලා කර එහි ගොඩනැගිළි ඉදිකරන බව පෙන්වාදුන් විපක්‍ෂ නායකවරයා මේ ගැන රජය වැඩි අවධානයක් යොමු කර කඩිනම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බව ද පවසා තිබේ.