උතුරේ ඉහළ පොලිස් නිළධාරීන් දෙදෙනෙක් අල්ලස් ගන්නා බවට චෝදනාවක්..

උතුරේ ඉහළ පොලිස් නිළධාරීන් දෙදෙනෙක් අල්ලස් ගන්නා බවට චෝදනා එල්ලවී තිබේ. උතුරේ රාජකාරියේ යෙදී සිටින නියෝජ්‍ය පොලිස් අධ්‍යක්‍ෂකවරුන් දෙදෙනෙක්ට එරෙහිව මෙලෙස චෝදනා එල්ලවී ඇත.

ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් සහ පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයකු විසින් ඉකුත් ඉහළ පොලිස් නිළධාරීන් පිළිබඳව උතුරු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර මහතා, සහ පොලිස් මූලස්ථානය වෙත ද පැමිණිළි කර තිබේ.

නියෝජ්‍ය පොලිස් අධ්‍යක්‍ෂවරයකු මුදල් හා ඉලෙක්ට්රොනික උපකරණ අල්ලස් ලෙස ලබාගෙත ඇති බවට චෝදනා එල්ලවී තිබෙන අතර, මේ සම්බන්‍ධයෙන් පරීක්‍ෂණ පවත්වන්නැයි කාන්ගසන්තුරයි ශ්‍රේෂ්ඨ පොලිස් අධ්‍යක්‍ෂක රන්චිත් මාසිංහ මහතා නියෝග කර තිබේ.

මේ අතර, දඞුවමක් වශයෙන් ස්ථාන මාරුවක් ලබා උතුරේ සේවයට යොදවා ඇති තවත් නියෝජ්‍ය පොලිස් අධ්‍යක්‍ෂවරයෙක් ද මෙලෙස අල්ලස් ලබාගෙන ඇති බවට චෝදනා එල්ලවී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top