SRILANKAN NEWS

මහින්දට ඕන දෙයක් කරගන්න පුළුවන් නමුත් අගමැති මමයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තමන් කැමති ඕනම දෙයක් කර ගැනීමට නිදහස තියෙන මුත් තමා මේ රටේ අගමැතිවරයා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද(02)අරලියගහ මන්දිරයේදී නව වසරේ රාජකාරි ආරම්භ කිරීමට පැමිණි කාර්ය මණ්ඩල ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය දිනෙක 2017 වසරේදී ආණ්ඩුව පෙරළන බවට සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් විමසන ලදුව ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

තමා එළඹෙන සතියේ ස්විස්ටර්ලන්තයේ දාවෝස් නුවර සංචාරයක නිරත වන බැවින් එම කාලයේ රාජපක්ෂ මහතාට ඔය කියන ආකාර‍යේ කටයුත්තක් කරගැනීමට උත්සාහ කළ හැකි බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

හම්බන්තොට වරාය පවරාදීමෙන් ලබන ඩොලර් බිලියන 1.1ක මුදලින් ලබාගත් ණය පියවීමට ක්‍රියා කරන බවත්,වාර්ෂිකව බිලියන 30ක පමණ මුදලක් ලාබගත් ණයවල පොලිය පියවීමට පවත්නා බවත් මෙහිදී ඔහු අවධාරණය කළේය.

– adaderana.lk