හිටපු ඇමති සරත් කුමාර ගුණරත්න අත්අඩංගුවට

හිටපු ධීවර අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

මීගමු කලපු සංවර්ධන යෝජනා ක්‍රමයකට ලබා දුන් රුපියල් ලක්ෂ 112ක මුදලක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු සොයමින් සිටියේය. මේ සම්බන්‍ධයෙන් ජනාධිපති කොමිෂන් සභාව විසින් ද විමර්ශණයක් පවත්වා තිබුණි.

අත්අඩංගුවට පත් සරත් කුමාර ගුණරත්න මහතා අද පස්වරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top