කටුවන ප්‍රදේශයේදී ජවිපෙ සාමාජිකයන්ට මැර ප්‍රහාරයක්

වත්මන් ආණ්ඩුව හම්බන්තොට ඉඩම් අක්කර 15,000ක් චීනයට විකිනීමට එරෙහිව ලබන 05වනදා හම්බන්තොටදී පවත්වන විරෝධතා රැලියේ ප්‍රචාරක පෝස්ටර් අලවමින් සිටි ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් දෙදෙනෙකුට කටුවන ප්‍රදේශයේදී මැර පිරිසක් අද (01) අළුයම මැර ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තාවේ.

පහරකෑමට ලක් වූ ජවිපෙ සාමාජිකයන් දෙදෙනා රෝහල් ගත කර ඇති අතර අයෙක් අසාධ්‍ය තත්වයේ පසුවන බව පැවසේ.

පහාරයට අදාළ සැකකරුවන් හඳුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top