ලේකම් අර්බුදය – මුස්ලිම් කොන්ග්‍රසය යලි රැස්වෙයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ  ලේකම් සහ මහ ලේකම් ධුරවල පවතින අර්බුදකාරී තත්වය මුළුමනින්ම විසදා ගැනීම සදහා විශේෂිත වූ උත්තරීතර මණ්ඩල රැස්වීමක් අද (02)  සවස එම පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

මුස්ලිම් කොංග්‍රසයේ මීළඟ පක්ෂ සම්මේලනය පවත්වන දිනය හා ස්ථානය ද මෙහිදී තීරණය වන බවත් සංශෝධනය කරන ලද පක්ෂ ව්‍යවස්ථාව පෙර පැවති ආකාරයටම ප්‍රතිසංශෝධනය කිරීම, එම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් පත්කරගත් ලේකම්ධූරය අහෝසි කිරීම, පක්ෂ මහලේකම් එම්.ටී. හසන් අලි මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කිරීම හා දැනට පත්කර සිටින එම්.එච්. සල්මාන් මහතා ඉවත් කිරීම ආදී තීරණවලට එලඹීමටත් නියමිත බවද වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top