අපගේ ගම්මානය සම්පූර්ණයෙන් නිදහස් කළ යුතු බව ජනාධිපතිට අවධාරණය කරන්නෙමු – කේපාපුලවු ජනතාව

කේපාපුලවු ප්‍රදේශයට පැමිණෙන ජනාධිපති වෙත හමුදා කඳවුරු ඉවත් කර කේපාපුලවු ගම්මානය මුළුමනින්ම නිදහස් කළ යුතු බව අවධාරණය කර සිටින බව එම ප්‍රදේශවාසීන් පවසති.

අවතැන්ව ගිය පසු හමුදාව අප ගම්මානය අත්පත්කර එහි හමුදා කඳවුරු ඉදි කළේය. හමුදාව අවතැන් කඳවුරුවල සිට අපිව කැඳවාගෙන ඇවිත් 2012 වසරේ සූරිපුරම් කැලෑ ප්‍රදේශයක ආදර්ශ ගම්මානයක් යැයි පවසා එහි පදිංචි කළේය. දැනටත් යටිතල පහසුකම් නොමැති තත්වයක අපි මෙහි ජීවත්වන්නෙමු.

යහපාලන රජයට අපි ජන්දය ලබාදුන්නේ අපගේ පාරම්පරික ඉඩම් නිදහස් කරනු ඇතැයි විශ්වාසය මතය, අපගේ ඉඩම් සියල්ල මුළුමනින්ම නිදහස් කළ යුතුයි යන්න අපගේ ඉල්ලීම වේ. මෙම ආදර්ශ ගම්මානයේ ජීවත්වීම අප රටතුලම අපි බන්‍ධනාගාරයක් තුළ ජීවත්වීමට සමානය. අපගේ ගම්මානයට ගමනාගමන පහසුකම් නැහැ, මූලික මාර්ග පද්ධතියක් නැහැ, විදුලිය නැහැ කෙසේ නමුත් එවැනි කිසිඳු පහසුකම් නොමැති නමුත් අපගේ කේපාපුලවු ගම්මානය මුළුමනින්ම නිදහස් කළ යුතු යැයි ජනාධිපතිවරයා වෙත අපි අවධාරණය කර සිටින්නෙමු යැයි කේපාපුලවු ජනතාව පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top