නීතිය, ව්‍යවස්ථාව සහ අධිකරණය තුළින් පමණක් යහපත් සමාජයක් ගොඩනැගීමට නොහැක – ජනපති

යහපත් සමාජයක් ගොඩනැගීමට නීතිය, ව්‍යවස්ථාව සහ අධිකරණය තුළින් පමණක් හැකියාවක් නොමැති අතර ඒ සඳහා තිබෙන ප‍්‍රබල ම ශක්තිය වන්නේ අධ්‍යාත්මික වශයෙන් බෞද්ධ දර්ශනය මත පදනම්ව සමාජය පෙළගැස්වීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ දුෂ්කර ප‍්‍රදේශවල බෞද්ධ වෙහෙර විහාරස්ථාන සංවර්ධනයට පුණ්‍යාධාර පිරිනැමීම වෙනුවෙන් ඊයේ (02) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ පැවති උත්සවය අමතමිනි.
සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් ඉටුකළ යුතු සෑම යුතුකමක්ම ඉටු කිරීමට වත්මන් රජය බැඳී සිටින බවත්, දශක තුනක් පුරා පැවති යුද්ධය හේතුවෙන් විනාශ වු උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල බෞද්ධ වෙහෙර විහාරස්ථානවල මූලික අඩුපාඩු සපුරාලීමට ති‍්‍රවිධ හමුදාවේ දායකත්වයෙන් විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කර ඇති බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top